සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බාධා කරමින් සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒම සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) සඳහන් කරන ලදි.
පරීක්ෂණයේදී හෙළිවන තොරතුරු මත තමා සුදුසු ක්‍රියා මාර්ගයක් ගන්නා බවත් එම තීරණය මැති සබයට දැනුම් දෙන බවත් එහිදි සඳහන් කරන ලදි.
කතානායකවරයා මෙසේ පැවසූවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උදේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සංවාදයක් ඇතිවූ අවස්ථාවේදීය.