Thursday, October 31, 2024

සයිනොෆාම් මාත්‍රා දෙකම ගත් 95%කගේ ප්‍රතිදේහ ගොඩනැඟිලා – මහාචාර්ය නිලීකා මලවිගේ

කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ මාත්‍රා දෙකම ගත් පුද්ගලයන්ගෙන් සියයට 95කගේ සිරුර තුළ කොවිඩ් මර්දන ප්‍රතිදේහ නිපදවා ඇති බව පර්යේෂණ වාර්තාවලින් තහවුරු වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් වැනි කිසිම එන්නතකින් ඩෙල්ටා වැනි ප්‍රභේදයන් සම්පූර්ණයෙන් වළක්වන්නේ නැති වුවත් එන්නත්කරණයෙන් මරණයට පත්වීම වළක්වන බවද ඇය පැවසුවාය.

සියලු එන්නත්වලින් කරනුයේ මරණයට පත්වීම මැඬ පැවැත්වීම යැයිද, මෙරට ජනගහනයෙන් විශාල පිරිසකට සයිනොෆාම් එන්නත දී ඇතැයිද ඒ මහත්මිය පැවසුවාය.

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් සියයට 99කටම ආසාදිතව ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බවත් දිනකට 50,000ක් ආසාදිතයන් එරටින් වාර්තා වුවද එන්නත්කරණ වැඩපිළිවෙළේ සාර්ථකත්වය නිසා මරණ අඩු වී ඇති බවත් ඒ මහත්මිය පෙන්වා දෙයි.

මෙරට එන්නත්කරණයද ඉතා ශීඝ්‍රයෙන් කර ගෙන යන බවත් එන්නත ගත්තද ඇතැම් විට කොවිඩ් රෝග ලක්ෂණ මතු විය හැකි වුවත් රෝහල්ගත වීමක් දක්වා දරුණු නොවන බවත් ඇය ප්‍රකාශ කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles