Friday, September 20, 2024

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් – පාරිභෝගික සේවා අධිකාරිය පවසයි

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි .
එහි සභාපති ශාන්ත දිසානායක මහතා පැවසුවේ, ඒ සඳහා දිවයින පුරා පාරිභෝගික සේවා නිලධාරීන් යොදවා ඇති බවය.

සභාපතිවරයා පැවසුවේ, කොරෝනා වසංගතය හමුවේ වෙළෙඳුන්, සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමටත් , පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමටත් කටයුතු කරන බවයි.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් ඊයේ (08) පරීක්ෂා කළේ ය.

එම පරීක්ෂාවේදී සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 05 ට අධික තොගයක් සහතික මිලට මිලදී ගෙන ඇත.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිස, සහතික මිලට මිලදී ගත් සහල් තොග, දිවයින පුරා පිහිටි සතොස ශාඛා හරහා අලෙවි කිරීමට රැගෙන ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles