සිංගප්පූරු නදිය මෙන් බේරේ වැව අලුත් වෙයි..

0
507

බේරේවැව සහ ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා සිංගප්පූරු නදිය ආශ‍්‍රිතව සිදුකළ සංවර්ධන කාර්යයන් ආදර්ශයට ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවා.

සිංගප්පූරු නදිය සංවර්ධනය කිරීමට සහභාගි වූවන්ගේ අත්දැකීම් ද බේරේ වැව සංවර්ධනය සඳහා යොදාගන්නා බවට අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අග‍්‍රාමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරය අතරවාරයේ දී එම නදිය පරිශ්‍රයේ සිදු කළ චාරිකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය අද (20) මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here