Monday, May 6, 2024

මාස 08 ට ITN කාදැමූ මහජන බැංකු සභාපතිගේ වැඩකිඩ..

2015 ඔක්තෝම්බර් සිට 2016 ජුනි දක්වා මාස 8ක කාලයක් සඳහා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අයි.ටී.එන් හි වැඩ බලන සභාපති ලෙසද කටයුතුකරා. සේවකයෝ පවසන්නේ, එම කාලය තුල ඔහු අයි.ටී.එන් එක නැත්තටම නැතිකළ බවයි. ඔහුගේ සභාපතිත්වයට පෙර අංක 1 නාලිකාව ලෙසත් ඉහල ආදායම් තත්වයක් ලැබූ රුපවාහිනී නාලිකාව ලෙසත් පැවති අයි.ටී.එන්, ඔහුගේ කාලයේදී අංක 4ට කඩාවැටී ඇත.

ඊට සාපේක්ෂව මාසික ආදායමද අඩුවී ඇත. එම නාලිකාවේ ආදයමත් එන්න එන්නම අඩුව ගොස් ඇත. ඒ, හේමසිරි ප්‍රනාන්දු වැඩබලන සභාපති කාලයේදී නාලිකාවට මිලදීගත් ටෙලි නාට්‍ය වල ප්‍රමිතිය ඉතා පහල මට්ටමක පැවතීම නිසායි. ඔහුගේ කාලයේදී මිලදීගත් හින්දි චිත්‍රපට 8ක් සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 10 ඉක්මවා ඇති නමුත්, එම චිත්‍රපටි 8ටම වෙළදපොලේ රුපියල් මිලියන 5.5කට මිලදී ගැනීමේ හැකියාව තිබී ඇත.

රාවන් නමැති විදෙස් නාට්‍ය සදහා රුපියල් මිලියන 2.5ක් වැයකර ඇතිඅතර, එයද ඉන්දියානු වෙළෙද පොලේ ලංකා මුදලින් රුපියල් මිලියනයකට ගත හැකිය. 2016 අවුරුදු මංගල්‍ය සදහා එස්.බී දිසානායක මහතාගේ අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 3ක් ලබාගතහැකි යැයි පවසමින්, ඇමතිතුමාගේ ගමේ අවුරුදු උත්සවයද කරලා. එම මුදල් තවමත් ලැබී නැත. ඔහුගේ සමයේ ලැබී ඇති ආදායම අඩුම ආදායමයි.

උපදේශකයින් තිදෙනුකට හා සම්බන්ධිකාරවරයෙකුට මසකට ලක්ෂ 2ක් බැගින් ගෙවා ඇති බවත්, තවමත් ඉන් දෙදෙනෙකු ආයතනයට සේවය නොකර වැටුප් ලබාගන්නා බවත් වාර්තා වේවා. ඔහුගේ ආයතන කටයුතු සදහා දායකවුනු නියෝජ්‍ය සාමාන්‍යාඅධිකාරිවරුන් හා සෙසු නිලධාරින් 25 දෙනෙකු ඊයේ සන්ද්‍යාවේ පාමංකඩ පිහිටි සිය නිවසේදී රාත්‍රී භෝජන සංග්‍රහයක්ද ලබාදීමට හේමසිරි ප්‍රනාන්දු කටයුතුකර ඇති බව සඳහන්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles