සිංහයන්ගේ නියම පාට 01

0
822

ඉර බැහැගෙන පළාතක එක්තරා සභාවක ඇමති කෙනෙක් පහුගිය දවස්වල තමන් ගැන සභාවේ තියෙන විශ්වාසය භංග කරගත්ත. මේ හිටපු පළාත් ඇමතිතුමා සහෝදර මන්ත්‍රීවරුන් එක්ක උද්දච්ච කම් පාන්නෙ නැතුව සහයෝගයෙන් කටයුතු කළානම් වැඩේ ගොඩින් බේරගන්නත් පුළුවන්කම තිබ්බ කියල කණ කැස්බෑවා එක්ක කිව්වේ ඒ සභාවෙම මන්ත්‍රී මහත්තයෙක්.

සභාවේ විශ්වාසය භංග වුණාට ඒ සභාවේම ඉන්න නෝනා මහත්තයෙක් අර හිටපු ඇමතිතුමා ගැන බොහොම විශ්වාසය තියල කියලයි ආරංචිය.

ගෑණු පිරිමි හාදකම් කියන්නෙ මඩුවලිගෙන් තලන්න තරම් වැරද්දක් කියලා කණ කැස්බෑවා හිතන්නෙත් නැහැ. හැබැයි `දේශපාලනේ` කොරන්න ආව කට්ටිය ඒක නොකර `දේහ පාලනේ` කොරන්න ගිහින් වැඩේ අල කරගන්නවානම් ඒක තමයි ලැජ්ජාව.

කොහොම වුණත් රටේ සදාචාරේ ආරක්ෂා කොරන්න ආව උදවියගේ සදාචාරේ රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා හිටපු පළාත් ඇමති තුමාගේ ගෙවල් පැත්තෙන් කියවෙනවා කණ කැස්බෑවට ඇහුනා.

(කණ කැස්බෑවා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here