Saturday, May 4, 2024

කොබෙයිගනේ පොලීසියට එරෙහි පරිසරවේදීන්ගේ පැමිණිල්ල අද මානව හිමිකම් කොමිසමේ විභාගයට

දැදුරු ඔයට වස විස එක්කරමින් පවත්වාගෙන යන ජිෆී සමාගම විසින් සිදුකරන පරිසරවිරෝධී ක්‍රියාවන් නිරීක්ෂණය සඳහා සහභාගීවූ පරිසරවේදීන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත සිදුකල පැමිණිල්ල අද මානව හිමිකම් කොමිෂන් සභාවේදී විභාගයට ගැනීමට නියමිතය.

පරිසර සහ සොබාදහම් අධ්‍යයන කේන්ද්‍රයේ පූජ්‍ය වෑකඳවල රාහුල හිමියන්, රවීන්ද්‍ර කාරියවසම් මහතා සහ දුමින්ද අබේකෝන් මහතා අදාල නිරීක්ෂණ චාරිකාවට සහභාගීවෙමින් සිටියදී ඔවුන්ව බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන හිංසා කිරීම සහ කැමරා උපකරණ පැහැරගැනීමට උත්සහ කිරීමට යටතේ කොබෙයිගනේ පොලීසියට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ගොනුකල පැමිණිල්ල මෙසේ අද (26) විභාගයට ගැනීමට නියමිතය.

රජයේ අනුග්‍රහය සහිතවම ජිෆී ආයතනය පරිසරය විනාශ කිරීමට කටයුතු කරද්දී බහු ජාතික සමාගමේ චූදිතයන්ට නිදැල්ලේ සිටීමට ඉඩහැර එයට විරුද්ධවන පරිසරවේදීන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන කොබෙයිගනේ පොලීසියට එරෙහිව එවකට දැඩි විරෝධයක් එල්ලවිය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles