සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5ක ජයක්

0
268

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවති පළමු එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48.4කදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තරඟයේ කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 296ක් ලබා ගැනීමට සමත් වුණා.

එමෙන්ම එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ෂොන් විලියම්ස් සිය එක්දින ක්‍රිකට් දිවියේ 5වන ශතකය වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 69කට කඩුලු 3ක් සහ ජෙෆ්රි වැන්ඩසේ හා නුවන් ප්‍රදීප් ද කඩුලු 02 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් තුළ කඩුලු 5 දැවී ලකුණු 300 ක් ලබා ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක ලකුණු 75 බැගින් රැස්කළ අතර චරිත් අසලංක ලකුණු 71ක් රැස්කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here