සියලු ‘ගෑස්’ බහී….!

0
607

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහල දමන බව එම සමාගම පවසනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කට වැඩි අගයකින් අඩු කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් කල විමසීමකදී පැවසුවේ.

අඩු කෙරෙන ගෑස් මිල ගණන් සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන බව ඔහු කියා සිටියා.

වෙළදපොලේ මේවන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක් වනවා.

ඩොලරයේ අගය පහත බැසීම පිළිබඳ අවධානය යොමු කරමින් ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ද හෙට (4)   අඩු කිරිමට නියමිත බව එම සමාගමේ ප්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ වෙතත් අඩු කරන මුදල පිළිබඳව මේ දක්වා ප්‍රකාශයක් කළ නොහැකි බවත් ඒව මුදල හෙට දිනයේ ප්‍රකාශ කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

ගෝලීය එල්.පී. ගෑස් වෙළෙඳපොලේ මිල වැඩිවීමක් තිබීම නිසා නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් ගෑස් මිල අඩු කිරීමට නොහැකි බව ලාෆ් ගෑස් සමාගම පසුගිය මස මුලදී ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here