සියලු වගා සඳහා කාබනික පොහොර ආනයනයට අවසර

0
1041


තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට ඊයෙ (16)සිට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මෙතෙක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණේ වී වගාව සඳහා පමණි. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරිදි පොහොර ආනයනයට පෞද්ගලික අංශයටත් අවස්ථාව ලබාදීමට ද පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here