සිවුරු හොරා නිදැල්ලේ

0
692

නිර්මල බුදු දහමද සම්බුදු ශාසනයද නිරතුරුව රැකුණේ මහ සඟරුවන නිසාවෙනි. උන්වහන්සේලා නිරතුරුව පූජනීයත්වයව පත්වුවේ ඒ නිසාවෙනි. වාරියපොල සුමංගල හිමියන් වැනි යතිවරු අදද ජීවමාන වන්නේ ඒ නිසාවෙනි.

එහෙත් මේ කියවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ කතාවකි. දිනය 22 දාය. වේලාව උදෑසන 10.30 ට පමණ විය. අවිස්‌සාවේල්ල කොළඹ හයිලෙවල් මාර්ගයේ තුන්නාන ප්‍රදේශයේදී වේගයෙන් පැමිණි ඩබල් කැබ් රථයක්‌ වාහන අමතර කොටස්‌ විකුණන ආයතනයක්‌ ඉදිරිපස නතර කළ අතර රියෑදුරු අසුනෙන් බැස්‌සේ චීවරධාරියෙකි. ජනතාව විමසිල්ලෙන් බලන්නට විය. නමුදු කිසි ගණනකට නොගෙන කඩය ඇතුළට ගිය ඔහු වෙළෙඳ සලේ මදවේලාවක්‌ ගතකොට නැවත කැබ් රියට ගොඩ වී නික්‌ම ගියේ දුටු දුටු බොදු ජනතාව කනස්‌සල්ලට පත් කරමිනි. මෙහිදී පැන නගින ගැටලු රැසකි. මේ හිමිනමක්‌ද? ස්‌වාමින් වහන්සේලාට රිය පැදවිය හැකිද? බුදුදහමට මඩ ගැසීම සඳහා සිවුරු පොරවාගත් අයෙක්‌ද යන්නය. පරීක්‌ෂණ පැවැත්වීම බලධාරීන්ට බාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here