Sunday, September 22, 2024

සීනි කිලෝ එක 210 – තමන්ට කරන්න දෙයක් නැති බව ඇමති කියයි

සීනි කිලෝවක සිල්ලර මිල ඇතැම් වෙළඳසැල රුපියල් 210 තෙක් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයන් චෝදනා කරති.

පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ තොග වෙළඳුන් සීනි මිල ඉහළ දැමීම අපරාධයක් බවත් මේ වන විට ඔවුන් සීනි කිලෝවකින් රුපියල් සීයක පමණ ලාභයක් ලබන බවත්ය.

මෙය ඉතා අසාධාරණ බව කී අමාත්‍යවරයා දඩ මුදල් වැඩි කිරීමේ නීතිය ස්ථාපිත වීමට පෙර අධික ලාභයක් ලැබීමේ අරමුණින් වෙලදුන් මේ සඳහා පෙළඹී ඇතැයි ද සඳහන් කළේය.

අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණන පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇතත් පාර්ලිමේන්තුවේ පළමු වර කියවීමට යොමු කර ඉන්පසුව එය නීතියක් බවට පත් වීම ප්‍රමාද වී ඇති නිසා තමන්ටද කරන්න දෙයක් නැතැයි ඔහු තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles