සීනි – සහල් පාලන මිල අද

0
296

ගබඩා තුළ සගවා තිබියදී සොයාගත් සීනි මෙට්‍රික් ටොන් 29,900 ක ප්‍රමාණයක් ඊයේ දිනය තුළ සිදු කෙරුණු වැටලීම්වලදී රජයට පවරා ගෙන තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා සඳහන් කලේ මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.

සීනි කිලෝවකට අය කළ රුපියල් 50 ක් වූ ආනයනික බද්ද පසුගිය වසරේ ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25 ක් දක්වා අඩු කරනු ලැබුවා.

එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 88,878 ක්.

එදින සිට මෙම වසරේ ජුනි 30 වන දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 584,000 ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙනවා.

මෙරට මාසික සීනි අවශ්‍යතාව ටොන් 35,000 ක් පමණ බවටයි සැළකෙන්නේ.

ඒ අනුව වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණ වී ඇත්තේ.

මේ අතර සීනි සහ සහල් සඳහා අද දිනයේදී පාලන මිලක් පැණවීමටද නියමිතව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here