Sunday, September 22, 2024

සී.අයි.ඩී භාරයේ සිටි අලි 14 ක් නැවත හිමිකරැවන්ට

අලියෙකු ලඟ තබාගෙන ඇතිදඩි කිරීමට පිළිගත හැකි නීත්‍යානුකූල බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම, අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම සහ අනෙක් නෛතික කරුණු හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවස්ථා ගණනාවක දී සිය භාරයට ගත් අලි ඇතුන් 13 දෙනකු නිදහස් කර මුල් අයිතිකරුවන්ට භාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නිසි ලියාපදිංචි ලේඛන නොමැතිවීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අනෙකුත් බලලත් අධිකාරින් විසින් අත්අඩංගුවට ගෙන සිය භාරයට පවරා ගත් අලි ඇතුන් මෙලෙස නිදහස් කෙරෙනු ඇති.
මෙලෙස නිදහස් කෙරෙන ලයිස්තුවේ මහත් ආන්දෝලනයට ලක්වූ කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරයට අයත් බව පැවසුනු අලි පැටවුන් දෙදෙනා සහ පන්නිපිටිය අලි රොෂාන් හෙවත් එස්.එන් රොෂාන්ට අයත් අලි පැටවා ද නිදහස් කරන ලෙස මෙම නියෝගයේ සඳහන්.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරනු ලද සම්පූර්න නියෝගය පහතින්.
වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 6 වන වගන්තියේ දෙවන කොටස ප්‍රකාරව සහ 2241 / 21 අගෝස්තු මස 19 වැනි දා දරණ ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම සතුන් ලියාපදිංචි කිරීම සඳහා ඔවුන්ගේ හිමිකරුවන් වෙත මුදා හරින ලෙසට අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles