සුමිත්‍රා ගුණවර්ධන පීරිස් අභාවප්‍රාප්ත වෙයි…!

0
421

මහා සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් විද්වතාණන්ගේ සෙවණැල්ල ලෙස සැලකෙන ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මැතිනිය අභාවප්‍රාප්ත වෙයි. ඇය මිය යන විය 87 වැනි වියේ පසුවිය.

1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් ශ්‍රී ලාංකීය සිනමාවේ සිටින විශිෂ්ඨ අධ්‍යක්ෂකවරියකි. 1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය. ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි. ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඇයගේ ජීවන ගමනේ සහකරුවා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here