Saturday, September 21, 2024

සුව සේවකයින්ට සෙවන සඳනවා

දිවයිනපුරා රෝහල්වල සේවය කරන සියලුම කාර්ය මණ්ඩල වලට නිල නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
මෙම නිවාස ව්‍යාපෘතිය ලබන වසරේදී (2017 ) ආරම්භ කර වසර 3ක් ඇතුලත අවසන් කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා කලවාන රෝහ‍ලේ පැවති උත්සවයකදී සඳහන් කළේය.
කලවාන මූලික රෝහ‍ලේ මහල් 5කින් යුත් නව ගොඩනැගිල්ලක් හා මහල් 3කින් සමන් විත නිල නිවාස සංකීර්ණයක්ද ඉදිකිරීමට මෙහිදී තීරණය කරන ලදි.
පළාත් සභාවට අයත් එකම රෝහලක්වත් මධ්‍යම රජයට පවරා නොගන්නා අතර අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන් ලබා දීමට කටයුතු කරන බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles