කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නැවත හැරී යාමට සිදුව තිබේ.
ඊට හේතුව වන්නේ ආගමන-විගමන නිලධාරීන් ‘සේද මාවත’ නැතිනම් මුදල් ගෙවා යන ප්‍රභූ පර්යන්තයේ රාජකාරී වලින් ඉවත් වීමයි.
එමෙන්ම ඒ වන විට ගුවන්තොටුපළ තුළ සිටින මගීන්ගෙන් දැඩි විරෝධයක් ඔහුට එල්ලවීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.