Sunday, September 22, 2024

සේරුවාවිල විහාරස්ථානයේ විහාරාධිපති හිමියෝ එලවා දමා මැර පිරිසක් අත්පත් කර ගනිති

බුදුරාජාණන් වහන්සේගේ ලළාට ධාතුන් වැඩ වෙසෙන වසර දෙදහස් දෙසීයකට පමණ ඉතිහාසයකට උරුමකම් කියන සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයට නාදුනන පිරිසක් කඩා වැදී බලහ.ත්කාරයෙන් අත්පත් කර ගෙන ඇතැයි වත්මන් විහාරාධිපති කොටපොළ අමරකිත්ති හිමියන් සදහන් කරයි.

මෙලෙස හතලිහක පමණ පිරිසක් බලහත්කාරයෙන් විහාරස්ථානයට ඇතුලත්ව අත්ප.ත්කර ගනිමින් තමන්වහසේට ඊට ඇතුළත්වීම අවහිර කර ඇති බව උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කරයි.

මින් පෙර විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරු මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අපවත් වීමෙන් පසු අමරපුර සංඝ සභාව හා එහි මහා නායක හිමියන් විසින් තමන්වහ්සේ සේරුවාවිල විහාරාධිපති ධුරයට පත්කළ බවත් එම අදාළ පත් කිරීම බුද්ධ ශාසන අමාත්‍යාංශයේ විසින් අනුමත කර ලේඛන ගත කර ඇති බවද උන් වහ්සේ වැඩි දුරටත් සදහන් කරසිටියි.

ඇති වූ සිදුවීම පිළිබද මේ වන විට පොලිස්පතිවරයාද දැනුවත් කර ඇති බව අමරකිත්ති හිමියන් සදහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles