Saturday, September 21, 2024

සෞඛ්‍ය ආරක්ෂක සංචාරක ව්‍යාපාරයකට ශ්‍රී ලංකාව සුදානම් – සංචාරක අමාත්‍ය රුසියාවේ දී කියයි

කොරෝන වෛරස ව්‍යාප්තිය පවතින අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කල සංචාරක නියාමන ව්‍යාපෘතිය සඳහා රුසියාව යුක්රේනය සහ කසකස්තානය රටවල් දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රචලිත කිරීම සඳහා හොඳම කලාපය ලෙස එම කලාපයේ රටවල් තෝරා ගැනුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෙරේදා සවස (06) පැවසුවේ රුසියාවේ Redisson royal flotilla යාත්‍රාවේ පැවැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමිනි. රුසියානු සංචාරක යන් ශ්‍රී ලන්කාවට වැඩි වශයෙන් ගෙන්වාගැනීම සදහා රුසියානු සංචාරක නියෝජිතයින් හා ශ්‍රී ලන්කා සංචාරක නියෝජිත හමුවක් ලෙස මෙය සන්විධානය කර තිබිණි.

සංචාරක සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනට සහභාගි වීම සඳහා අමාත්‍යවරයා රුසියාව බලා පිටත්ව ගොස් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles