සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ අවශ්‍යතාවන් නොසලකා හරිමින් සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකවර සේවයට කැඳවීමට විරෝධය පළ කරමින් අද උදෑසන 07 සිට සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව සෞඛය වෘත්තීය සමිති එකමුතුව පවසනවා.
මෙලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වන්නේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් පද්ධතිය අර්බුදකාරී තත්ත්වයකට පැමිණ ඇති මොහොතකයි. නෙත් නිවුස් ඉකුත් දා පළමුවරට අනාවරණ කළේ කොළඹ ජාතික රෝහල, රාගම ශික්ෂණ රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල හා රත්නපුර ශික්ෂණ රෝහල්වල ධාරිතාව ඉක්මවා යාමේ අවදානමක් මතුව ඇති බවයි.
එය ද තහවුරු කරමින් මෙරට රෝහල් පද්ධතියෙන් සියයට 90 ක පමණ ප්‍රතිශතයක් මේවනවිට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළා.