සෞභාග්‍යයේලන්තයක් කරන්න ආ ආණ්ඩුව අද රට පිපිරීමිලන්තයක් කරලා

0
299

අපේ රට සෞභාග්‍යයේලන්තය කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසි ලන්තයක් කළ බවත්,අනතුරුව පෝලිම් ලන්තයක් සහ කොමිස් ලන්තයක් කොට අද වන විට පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක ‘නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට’ වැඩසටහන හරහා ජනතා ගැටළු විමසීමේ වැඩසටහන පැවැතියේ හම්බන්තොට තිස්සමහාරාම ලුණුගම්වෙහෙර රණවරනාවදීය.

ප්‍රදේශවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අද වන විට තරුණයින්ට රැකියා අහිමි වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ,ජනතාවට ජීවනෝපාය අහිමි වී ඇති බවත්,සමස්ත ජනතාවම කබලෙන් ළිපට වැටී ඇති බවත් පැවසීය.

සුරක්ෂිතව ගෑස් ටික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් රටක් පාලනය කරන්නේ කෙසේදැයි විමසූ විපක්ෂ නායකතුමා දිනෙන් දින රටපුරා අසන්නට ලැබෙන්නේ ඇඟ සීතල වන ප්‍රවෘත්ති බවද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here