හදිසිය සම්මත වෙද්දී ජුලි අග ජූලී රනිල් හමුවේ…!

0
568
ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද  හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ලැබුණි. ඒ අනුව හදිසි නීතිය වැඩි ඡන්ද 54 පාර්ලිමේන්තුවේදී සම්මත වුණි.

ඒ අතර අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය අද (27) පෙරවරුවේ    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. 

එම හමුව සිදුව ඇත්තේ, ජනාධිපති කාර්යාලයේදී ය. 

නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපතිවරයා වෙත  සුබ පැතුම් පිරිනැමූ තානාපතිනිය ජනාධිපතිවරයා සමග සුහද කථා බහක ද නිරත වූ බවයි. 

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති  අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූ බව ද අදාළ නිවේදනයේ සඳහන් ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here