Saturday, April 27, 2024

ජනපතිවරු තිදෙනෙකුට නොතීසි!

මෙරට සහ ජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරුණු විභාග කිරීම අත්හිටුවීමට හා එම පෙත්සම් විභාගයෙන් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (27)  තීරණය කළේ ය.

ඒ අතරම පාස්කු ඉරුදින ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහු වගඋත්තරභාවයෙන් ඉවත් කිරීමට තමන් විරුද්ධවන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද දැනුම් දුන්නේය.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙසේ දැනුම් දුන්නේ ජනාධිපති නිතීඥ ෆයිසර් මුස්තාෆා මගිනි.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණීය, මෘදු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ගාමිණී අමරසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙරේදා (26) විභාගයට ගැණීනි.

මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ සුරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති මුක්තියට අනුව ඔහුට එරෙහිව නඩුකරයක් පවත්වාගෙන යා නොහැකි බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles