හම්බන්තොට කර්මාන්ත ශාලාවක ඉන්දීය ජාතිකයින් 43 දෙනෙකුට කොරෝනා

0
347

හම්බන්තොට ආයෝජන කලාපයේ ඉදිකරගෙන යනු ලබන සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඉන්දියානු ජාතික සේවකයින් 43කට කොරෝනා ආසාදිතවි ඇති බවට තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසුවේ, එම කර්මාන්තශාලාවේ සේවකයින් ලෙස කටයුතු කළ ඉන්දීය ජාතිකයින් 06 දෙනෙකු මීට දින කිහිපයකට පෙර ආසාදිතයින් ලෙස හඳුනාගත් බවයි.

අනතුරුව සෙසු සේවකයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකිරීමේ දී ඒ අතරින් තවත් ආසාදිතයින් 37 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් ආසාදිත එම ඉන්දීය ජාතිකයින් පිරිස හම්බන්තොට පැරණි රෝහලේ පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කල බවද විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here