Sunday, May 19, 2024

හරී… පවිත්‍රයි….!

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය. 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

රොෂාන් රණසිංහ මහතා අමාත්‍ය ධුර වලින් ඉවත් කිරීමෙන් පසු අදාල  අමාත්‍යංශ පුරප්පාඩු විය.

ක්‍රීඩා ,යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි  අද (27) එම තනතුරුවලින් ඉවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථා  යටතේ තමා වෙත පැවරුණු  බලතල ප්‍රකාරව වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ද වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන ලබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොෂාන් රණසිංහ මහතාට යැවූ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ලිපියේ සඳහන් වේ.

Related Articles

Latest Articles