Friday, December 27, 2024

හැත්තෑවයි 30 එපා හැටයි 40 ඕනෑ හවුල්කාර පක්ෂ කියයි

ඉදිරි පළාත් සභා මැතිවරණයේදී මන්ත්‍රීන් තේරීමේ අනුපාතය විය යුත්තේ කොට්ඨාස මට්ටමින් 60%ක් සහ ප්‍රතිශත ක්‍රමයට 40%ක් වශයෙන් විය යුතු යැයි රජයට සම්බන්ධ හවුල්කාර පක්ෂ ගණනාවක් ආණ්ඩුවට යෝජනා කර තිබේ.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේ දැනට යෝජනා කර ඇත්තේ කොට්ඨාස ක්‍රමයට 70%ක් යන ප්‍රතිශත ක්‍රමයට 30%ක් වන ලෙස මන්ත්‍රීන් තෝරා පත්කර ගතයුතු බවටයි.

ඒ අතර උතුරේ ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා රජයට යෝජනා කර තිබෙන්නේ මෙම මිශ්‍ර ඡන්ද ක්‍රමයට තමන් අකමැති බැවින් පැරණි මනාප ක්‍රමයම අනුගමනය කරන ලෙසයි. කෙසේ නමුත් දැන් එම මිශ්‍ර ඡන්ද ක්‍රමය පාර්ලිමේන්තුව අනුමත කර ඇති නිසා පළාත් සභා ඡන්ද පනත නැවත සංශෝධනය නොකර ඡන්ද ප්‍රතිශත වෙනස් කිරීමට නීතිමය ඉඩක් නැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles