හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

0
324

හෙට(15) දිනයේත් විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව විදුලිය විසන්ධි වන ආකාරය පහත පරිදි වේ.

ඒ අනුව විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හමුවේ හෙට දිනයේදීත් කලාප වශයෙන් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

ඒ අනුව ඒ සිට එල් දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටකට පැය තුනක් ද, විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

ඒ සිට එල් දක්වා කලාප 12 කට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 15 ක් ද විදුලිය කපා හැරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා කලාප අටට පෙරවරු 09.00 සිට පස්වරු 5.00 දක්වා පැය දෙකක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here