Friday, May 3, 2024

එන්න තිබ්බ තෙල් නැව් 4ක් අවලංගුයි! – ඉන්ධන හිඟය තවදුරටත්

පෙට්‍රල් හා ඩීසල් රැගත් නැව් 04 ක් එළඹෙන 17 සහ 18 දිනවල පැමිණීමට නියමිතව තිබුණත් එම ඉන්ධන නැව් අවලංගු වී ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම ඊයේ දින මුතුරාජවෙල පර්යන්තය වෙත ඩීසල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක ප්‍රමාණයක් ගොඩබෑම සිදුකළත් එය ඉදිරි දින තුන හතරකට පමණක් ප‍්‍රමාණවත් බව එහි වාර්තා වේ.

තවද සපුගස්කන්ද පිරිපහදුව මගින් නිපදවනු ලැබූ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 7000 ක් පමණ තිබෙන බවත්, තව දින කිහිපයකින් බොරතෙල් අවසන්වීම නිසා එම පිරිපහදුවද නැවත නවතා දැමීමට සිදුවන බවත් එහි වැඩිදුරටත් වර්තකොට තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles