Saturday, January 11, 2025

ඉදිරි දින හතරක් පමණ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක විදුලි කප්පාදුවක් – ලංවීම දැනුම් දෙයි

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තෙක් ඉදිරි දින 04 ක් පමණ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පස්වරු 06 සිට පස්වරු 09.30 දක්වා පැයක කාලයක් විදුලිය කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

ඊයේ දිනයේ නොරොච්චෝල බලාගාරය අක‍්‍රිය වීමත් සමග එය යථා තත්ත්වයට පත් වීමට අවම ලෙස දින තුනක කාලයක් ගතවන නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

අද (04) උදෑසන නොරොචෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ.

සෙසු මෙගාවොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට තවත් දින 4ක් පමණ ගත වනු ඇති බව ද ඔවුන් පවසනවා.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පැය කිහිපයක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලයේ අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇත්තේ එම කාලයේදී විදුලි ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යන හේතුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles