හෙරොයින් සමග පොළොන්නරුවේදී පුද්ගලයෙක් අත්අඩංගුවට

0
723

පොළොන්නරුව නගරයේදී අද (26) දහවල් හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොළොන්නරුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විසින් සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට පත්විය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 12ක් සොයා ගැණුනු අතර එය පැකට 80කට වෙන් කර තිබුණි.

වයස අවුරුදු 36ක එම පුද්ගලයා සිය මෝටර් රථයෙන් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකකරුගේ නිවසද පරීක්ෂාවට ලක් කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here