ෆොන්සේකාට ඇමරිකාව තහනම් වෙයි..

0
357

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම සඳහා අවසර ලබා නොදීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඇමෙරිකානු සංචාරයක නිරත වීම සඳහා පසුගිය දා ෆොන්සේකා මහතා මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඇමෙරිකානු වීසා බලපත‍්‍ර ඉල්ලූම් කර ඇත. නමුත්, තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඔහුව අසාදු ලේඛන ගත කර ඇති බවයි. එම නිසා, විසා ලබා දී නෑ.

පසුගිය උතුරු නැගෙනහිර LTTE සංවිධානයට එරෙහි යුද මෙහෙයුම් සඳහා සෘජුව නායකත්වය දීම නිසා ම්සේ ඔහුව අසාදු ලේඛන ගත කර ඇත. එම යුද්ධය තුළ දී යුද අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම් රැසක් සිදු වී ඇති බවට චෝදනා එල්ල වීම මත එහි වගකීම යුද්ධයට අණ දුන් හමුදාපතිවරයා ලෙස ෆොන්සේකා මහතා වෙත ද එල්ල වී තිබීම මීට හේතුවයි. 2009 වසරේ දී ඇමෙරිකාවේ සංචාරය කළ ෆොන්සේකා මහතාව එරට අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීමට ද ලක් වුණා.

කෙසේ නමුත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය අවසන් වීමෙන් පසුව සෑම වසරකම පාහේ ඇමෙරිකාවේ සංචාරය කිරීමට බාදාවක් තිබුණේ නැත. මීට මාස කිහිපයකට පෙර ද ඔහු ඇමෙරිකාවේ සංචාරය කළ නමුත් ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල වී නැති අතර, ඔහුට ඇමෙරිකානු පුරවැසිභාවය ද හිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here