Sunday, May 19, 2024

බැසිල්ගේ නායකත්වයෙන් නව සංධානයක්..

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පළාත් සභා හා හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් මූලික කරගත් නව සංවිධානයක් ගොඩනගා ඇති බව වාර්තා වෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව යාමට පෙර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන් කැඳවා රැස්වීමක් පවත්වා ඇත. බැසිල් රාජපක්ෂ මහතා එහි මූලිකත්වය දරා ඇත.

එහි ප්‍රධාන සංවිධායක ධුරය බැසිල් රාජපක්ෂ මහතාට බාරදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඒ, මෙම සංවිධානය දීපව්‍යාප්තව ශක්තිමත් දේශපාලන බලවේගයක් ලෙස ගොඩනැගීම සඳහායි. මෙම සංවිධානය ගොඩනගා ඇත්තේ, පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි කැපවීමක් කළ පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මූලික කරගෙනයි.

මෙම සංවිධානයේ රැස්වීම් මාලාවක් දීපව්‍යාප්තව පැවැත්වීමට සැලසුම් කර ඇත. මංගල රැස්වීම ලබන 28 වැනිදා ගම්පොළ නගරයේදී පැවැත්වෙන අතර, 2 වැනි රැස්වීම ජූලි මස 01 වැනි දා බදුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා. සංවිධානයේ ප්‍රධාන තනතුරු සඳහා කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කර නොගැනීමට බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් මාධ්‍යට කරුණු අනාවරණය කර තියෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles