Saturday, September 21, 2024

‍කොවිඩ මර්දන තාක්ෂණික කමිටුවේ තවත් විශේෂඥයෙක් ඉල්ලා අස්වෙයි!

කොරෝනා මර්දනය සදහා පිහිටුවා තිබෙන තාක්ෂණික කමිටුවෙන්, තවත් විශේෂඥ වෛද්‍යවරයෙකු ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.

එසේ ඉල්ලා අස් වී ඇත්තේ, කොළඹ දකුණ රෝහලේ, නිර්වින්ද විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ය. ඔහු අවුරුදු එක හමාරක පමණ කාලයක් මෙම කමිටුව නියෝජනය කර තිබුණි.

කෙසේ වෙතත්, තමන්ගෙන් මෙම කමිටුවට ප‍්‍රයෝජනයක් ඇතැයි නොසිතන නිසා ඉල්ලා අස්වීමට තීරනය කළ බව ඔහු පවසා තිබේ.

මීට පෙරද, මෙම තාක්ෂණික කමිටුවෙන්, විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙකුම ඉල්ලා අස් වී තිබුණි. ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම,මහාචාර්ය නීලිකා මලවිගේ මහතා ද මෙම කමිටුවෙන් ඉල්ලා අස්විය. වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කමිටුවෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ කමිටුව ගන්නා ඇතැම් තීරණ සම්බන්දයෙන් තමන්ට එකඟ විය නොහැකි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles