මාසයකදී පාකිස්තානයේ ළමුන් 108 දෙනෙකු සහ කාන්තාවන් 85 දෙනෙකුට එරෙහිව ලිංගික අතවර

0
394

මේ වසරේ ජූලි මාසයේදී පාකිස්තානය පුරා අවම වශයෙන් කාන්තාවන් 133 දෙනෙකු පැහැරගෙන ගොස් 85 ක් පමණ දූෂණයට ලක්ව ඇති බව තිරසාර සමාජ සංවර්ධන සංවිධානය සහ පර්යේෂණ, සංවර්ධන මධ්‍යස්ථානය විසින් සම්පාදනය කරන ලද වාර්තාවක සඳහන් වේ.

ළමයින් 108 දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් වී ඇති අතර ළමා අපචාර ද විශාල වශයෙන් වාර්තා වී ඇති බව සදහන් වේ.

පාකිස්තානයේ පන්ජාබ් පළාතෙන් වැඩිම සිද්ධීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 77 ක් විය.

සින්ද්හි 34 ක්, කයිබර්පක්තුන්ක්වාහි 16 ක් සහ ඉස්ලාමාබාද්හි 6 ක් ලෙස සිදුවීම් වාර්තා වූ බව ඩෝන් පුවත්පත පවසයි.

පන්ජාබ් හි කාන්තාවන් 93 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති අතර, සින්ද් සහ ඉස්ලාමාබාද් හි පිළිවෙළින් පැහැරගැනීම් 20 ක් සහ 15 ක් වාර්තා වී තිබේ.

අවම වශයෙන් ලිංගික අපයෝජන සිද්ධීන් 85 ක් වාර්තා වී ඇති අතර පන්ජාබ් හි ස්ත්‍රී දූෂණ 47 ක් වාර්තා වී ඇති බව වාර්තාව උපුටා දක්වමින් ඩෝන් වාර්තා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here