Sunday, September 8, 2024

16 සිසුවා රැගෙන තරුණ ගුරුවරිය 60පාරක් හෝටලයකට ගිහින්! වසර 4ක් තිස්සේ අපයෝජනය කරලා!

වසර 4 ක් තිස්සේ කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 34 හැවිරිදි විවාහක ගුරුවරියක් සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10 ) නියෝග කර තිබේ.

වාර්ෂික ක්‍රිකට් තරගයකදී අදාළ ගුරුවරිය සහ එවකට 16 හැවිරිදි වියේ පසුවූ සිසුවා හඳුනාගෙන ඇති අතර ඉන් අනතුරුව ‘WhatsApp’ මාර්ගයෙන් නිතරම දෙදෙනා කතාබස් කර තිබෙන බව දන්වා සිටි පොලිසිය පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරිය දරුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇතැයි ද දන්වා සිටියි.

වසර හතරක් අවසානයේ විසි හැවිරිදි තරුණයා වෙනත් තරුණියක හා සබඳතාවක් පවත්වන බවට දැනගත් ගුරුවරිය තරුණයාගේ සියලු සම්බන්ධතා නවතා දමා ඇති බවත්, පසුව තරුණයා විසින් ඔවුන් දෙදෙනාගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට රාශියක් පෙන් ඩ්‍රයිවරයකට දමා දීර්ඝ ලිපියක් ද ලියා ගුරුවරියගේ නිවසේ ලියුම් පෙට්ටියට දමනු ලැබ ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ. නැවත මෙවැනි ක්‍රියාවක් කිසිදු දරුවකුට නොකරන ලෙසට ගුරුවරියට අවවාද කරමින් මෙම තරුණයා එම ලිපිය ලියා වීඩියෝ පට සමග ලියුම් පෙට්ටියට දැමීමෙන් පසුව ගුරුවරියගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීම හේතුවෙන් ව්‍යාජ මුහුණු පොත් ගිණුමක් සකස් කර ඔවුන් දෙදෙනා එක්ව ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක් පමණ ගොස් තිබෙන බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී හෝටලයට ඇතුළුවීම සඳහා දී ඇත්තේ ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත බවද අධිකරණයට දන්වා ඇත.‍

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මුල් පැමිණිල්ල එනම් තමන්ගේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවට තම කාර්යාංශයට සිදුකරනු ලැබුවේ එම ගුරුවරිය විසින් බවත්, පසුව සිදුකරන ලද විමර්ශනයේදී දරුවාට සිදුවී ඇති අතවරය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වූ බවත් ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

මේ වන විට එම ගුරුවරිය පාසල් ශිෂ්‍යයාගේ හැසිරීම හේතුවෙන් පාසලින් ඉල්ලා අස්වී ඇති බව ද ඇයගේ පැමිණිලෙන් දක්වා තිබූ බව ද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.

මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක් බව අනාවරණය වී ඇති අතර සැකකාර ගුරුවරිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles