18න් පසු විරෝධතා අවසන් වෙයිද?

0
1085

එළඹෙන සඳුදා නැතිනම් 18 වැනි දින නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත. IMF වෙත යාම සඳහා රජයේ ස්ථාවරත්වය පෙන්වීම පිණිස මෙසේ අමාත්‍ය මණ්ඩලය පිහිටවනු ඇති. එහිදී හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ට කැබිනට් පත්වීම් කිහිපයක් ලබාදීමට ආණ්ඩුව සූදානම් වන අතර අමාත්‍ය මණ්ඩලය සීමා වෙනු ඇත.

කොළඹ ගාලුමුවදොර ‘ගෝටාගෝ ගම්මානය’ ඉරිදා රාත්‍රියේ ඉවත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වන බව සමාජ මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතුව පසු දිනට නියමිත කටයුතු පවත්වාගැනීම පිණිස ය.

දිවා රෑ උද්ඝෝෂණයේ යෙදෙන ජනතාව මීට කෙසේ ප්‍රතිචාර දක්වාවිද යන්න ගැන තවමත් අදහසක් නැත.

එමෙන්ම ඔත්තුකරුවන්, ආණ්ඩුවේ හිතවාදීන් සහ සැකකටයුතු හැසිරීම් සහිත පුද්ගලයින් නිරන්තරයෙන් අරගල භූමියේ සැරිසරන බවට තරුණ පිරිස් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් පවසනු දැකිය හැකිය.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට යම් කැළඹිලි සහගත තත්ත්වයක් ඇතිකිරීමේ සැලැසුම් කිහිපයක් ආණ්ඩුව සතුව ඇති බවයි.

සේයා – තිළිණ කලුතොටගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here