18 වංගුව හරියයි!

0
403

තාවකාලිකව වසා දමා තිබූ මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගයේ එක් මංතීරුවක් අද පස්වරුවේ විවෘත කළා. කෙසේවෙතත් මාර්ගයට වැටී තිබෙන පස් සහ ගල් තවදුරටත් ඉවත් කෙරෙමින් පවතින බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ රාත්‍රියේ ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය හෙවත් 18 වංගුව මාර්ගය හසලක පොලිස් වසමේ 14 වංගුව ප්‍රදේශයෙන් අවහිර වී තිබුණා. 

ඒ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගැනුණේ. මාර්ගය සම්පූර්ණයෙන් විවෘත කිරීම සඳහා තවත් දින 02 ක පමණ කාලයක් ගතවනු ඇති බවයි පොලීසිය සඳහන් කළේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here