Friday, September 20, 2024

මාරාන්තික ක්‍රීඩාවේ අවසානය බරපතල ඛෙිදවාචකයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් ඉදිරිපත් කරන යෝජනා අලුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරමින් ආණ්ඩුව සුපුරුදු පරිදි ” ජීවිත සමග ක්‍රීඩා කරමින් ” සිටින බවත් එම මාරාන්තික ක්‍රීඩාවෙහි අවසානය මොනතරම් බරපතළ ඛේදවාචකයක් දැයි නුදුරේදීම වටහා ගනු ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනතාවගේ මරණ මතින් දේශපාලනය කිරීමට සූදානම් අයකුට හැර වෙනත් කිසිවකුට මේ මොහොතේ රට විවෘතව තැබීමේ තීන්දුව ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“බිහිසුණු කොරෝනා ව්‍යාප්තිය අතින් ලෝකයේ 15 වන තැනට ශ්‍රී ලංකාව පත්ව තිබියදීත් හිතක් පපුවක් නැති පාලකයින් එය තවමත් තුට්ටුවට මායිම් කොට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානයේත් මෙරට සෞඛ්‍ය විශේෂඥයින්ගේත් තීරණාත්මක අනතුරු හැඟවීම් කිසිවක් මායිම් නොකරන ආණ්ඩුව තමන්ගේ අදූරදර්ශී,හිතුවක්කාරී දේශපාලන න්‍යායපත්‍රය පමණක් ක්‍රියාවට නංවමින් සිටී.

මෙතරම් ව්‍යසනයක් සිදුවී තිබියදීත් ආණ්ඩුව තවමත් අදුරේ අතපත ගාමින් සිටින අතර ඔවුන් උත්සාහ කරන්නේ කොරෝනා ව්‍යාප්තියේ වරද ද ජනතාවගේ කරමත පටවා අත සෝදා ගැනීමට ය.

ආර්ථිකය ගැන ඊනියා භීතියක් මවා පාමින් රට වසා දැමීම පිළිබඳව ආණ්ඩුව තීන්දුවක් නොගනී. “ආර්ථිකයද, ඔක්සිජන්” ද යන්නෙන් වඩා වැදගත් කුමක්ද යන්න තේරුම් ගන්නට බැරි ආණ්ඩුවකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles