Monday, September 23, 2024

2020 සා.පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මග හැරැණු අයදුම්කරැවන්ට අද සහ හෙට විශේෂ අවස්ථාවක්

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකි වූ විභාග අයදුම්කරුවන් වෙනුවෙන් විශේෂ ප්‍රායෝගික පරීක්ෂණයක් අද (29) සහ (30) හෙට පැවැත්වෙයි.

විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, කොවිඩ් 19 ආසාදිතව නිරෝධායනය වීම හේතුවෙන් ප්‍රයෝගික පරීක්ෂණයට සහභාගී වීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා මෙම පරීක්ෂණය පැවැත්වෙන බවයි.

ඒ අනුව, දිවයිනම ආවරණය වන පරිදි මධ්‍යස්ථාන කිහිපයකදී මෙම විශේෂ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කළේය.

ඒ සඳහා සහභාගිවීමට අවශ්‍ය විභාග අයැදුම්කරුවන් කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්යය විෂයභාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මගින් පළාත්හි සෞන්දර්යය විෂයභාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කළ යුතුයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ පසුගිය වසරේ දෙසැම්බර් පළමු වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles