Sunday, September 22, 2024

2022 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනය පෙබරවාරි 1 සිට ජූනි 15 දක්වා

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා වන ක්ෂේත්‍ර ගණන්ගැනීමේ කාලසීමාව තුළ ග්‍රාම නිලධාරී ස්ථානමාරුවීම් සහ ග්‍රාම නිලධාරී කාර්යාල දින සීමා කිරීමට තීරණය කර තිබේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන පෙබරවාරි මස පළමුවන දා සිට ජුනි මස 15 වන දා දක්වා සිදුකිරීමට නියමිතය.

විනය හේතු වැනි අත්‍යවශ්‍ය හා නොවැළැක්විය හැකි අවස්ථාවල දී හැර අදාළ කාලසීමාව තුළ හෝ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කාර්යය අවසන්කරන දිනය තෙක් ග්‍රාම නිලධාරීන් ස්ථානමාරු කිරීම් සිදුනොකළ යුතු බවට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල පෙරවරු කාලයේ දී ග්‍රාම නිලධාරීන් කාර්යාලවල රැඳී සිටිය යුතු අතර ඉතිරි දින ක්ෂේත්‍ර රාජකාරී සඳහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන් වේ.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් 2022 ඡන්ද හිමි නාමලේඛනය සඳහා වන බී.සී. ආකෘති පත්‍ර නිවෙස් වෙත බෙදාහැරීම සිදුනොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා තීරණය කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles