2022 වසරේ සිට සියලු ත්‍රිරෝද රථවලට මීටර් සවිකළ යුතු බවට නීතියක්

0
313

ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට මාස තුනක් ඇතුළත සියලුම ත්‍රිරෝද රථවලට මීටර් සවිකළ යුතු බවට වන නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දැනුම් දෙනවා.

ඒ අනුව 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ සියලුම කුලී ත‍්‍රිරෝද රථ මීටරයක් සහිත කුලි ත‍්‍රිරෝද රථ බවට පත් කිරීමට නියමිතයි.

ප‍්‍රවාහන අධිකාරිය විසින් ත‍්‍රිරෝද රථ සඳහා පිහිටුවන අධිකාරිය මඟින් සියලුමක කුලී ත‍්‍රිරෝද රථ එහි පාලනයට යටත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව ඉදිරියේදී මීටර් සවි නොකර ධාවනය වන ත්‍රිරෝද රථ අත්අඩංගුවට ගැනීම සදහා නීති සකස් කර ඇති බවද දිලුම් අමුණුගම මහතා සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here