2024දී යළිත් ඩොනල්ඩ් ට්‍රම්ප්

0
823

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව පසුගියදා එරට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වුණි.

නමුත් තමා එවැනි තීරණයක් නොගන්නා බව ඔහු ඊයේ (28) ෆ්ලොරිඩා හි පැවති දේශපාලන සමුළුවකදී පැවසීය.

එවැනි පියවරක් ගතහොත් රිපබ්ලිකන් පක්ෂයේ ඡන්ද පදනම දෙකඩ වියහැකි බව ට්‍රම්ප් ගේ අදහසය. 

ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව තම ප්‍රථම කථාව පවත්වමින් ඔහු ඉඟිකළේ 2024 දී නැවත වරක් තමා අමෙරිකා ජනාධිපති ධූරයට තරඟ කරන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here