Sunday, May 19, 2024

“කොමිසම ගැන කිසිකෙනෙකුට විශ්වාසයක් නෑ. කතෝලික ජනතාවට කළු ඉරිදාවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව පවසමින් කළු ඉරිදාවක් ප්රනකාශයට පත් කිරීමට කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර තිබේ.

ලබන 07 වන ඉරුදින දිවයින පුරා එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කිරීමට ඊයේ (28) රැස් වූ කොළඹ අගරදගුරු පදවියේ පියතුමන්ලා තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත් සියලුදෙනා වෙනුවෙන් යුක්තිය ඉටුනොවීමට විරෝධය දැක්වීමක් ලෙස එම කළු ඉරිදාව ප්‍රකාශයට පත්කර ඇති අතර එදිනට කතෝලික ජනතාව කළු ඇඳුමෙන් සැරසී දිව්‍ය පූජාවට සහභාගී වීමට නියමිතව තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

“කොමිසම ගැන කිසිකෙනෙකුට විශ්වාසයක් නෑ. පක්ෂ සියල්ල ම වගේ ඒක ප්‍රතික්ෂේප කරනවා. ආගමික සංවිධාන සියල්ලම වගේ ප්‍රතික්ෂේප කරනවා. මේ කොමිසම පිහිට වුයේ, කවුද මේකේ මොළකාරයා, කවුද මේකට මුදල් දුන්නේ, කවුද මේකේ නායකයා, ඉදිරියට කරන්න තියෙන සැලසුම් ගැන හොයා ගන්න. ඒත් දැන්වෙලා තියෙන්නේ බෝම්බ ගහලා තියෙන්නේ හිටපු ජනාධිපති තුමයි, පූජිත ජයසුන්දරයි, හේමසිරි ප්‍රනාන්දු හා පොලීසියේ DIG ලා කියන එක. බලාපොරොත්තු වුණ දේ නෙමෙයි වෙලා තියෙන්නේ කියන එක පැහැදිලියි.“

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles