2024 වන විට වියළි මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කරනවා

0
307

2024 වසර වන විට මෙරටට වියළි මිරිස් ආනයනය සම්පුර්ණයෙන්ම නතර කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ගලබොඩ වත්තේ අක්කර 100 ක කාබනික පොහොර සහ නව තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලබන මිරිස් වගාව නිරික්ෂණය කිරිම සදහා අද (11) පස්වරුවේ පැමිණි අවස්ථාවේදීය.

දැනට මෙරටට අවශ්‍ය වියළි මිරිස් සම්පුර්ණයෙන්ම ආනයනය කරන බවත්, මධ්‍යම පලාත තුල මිරිස් වගාවට අවශ්‍ය බිජ නිෂ්පාදනය කරන බවත්, ඉදිරියේදි දිවයිනේ විවිධ ප්‍රදේශවල අක්කර 3000 ක මිරිස් වගාව සාර්ථකව සිදු කිරිමට තම අමාත්‍යංශය සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පැවසිය.

ඉතා දුෂ්කර වතු යායක් වු නාවලපිටිය ගලබොඩ වත්තේ තරුණයන්ට එම වත්තේ තේ වගා නොකල මුඩු ඉඩම් වලින් අක්කර 100 ක් අක්කර ½ බැගින් ගිවිසුමක් අනුව ලබා දි ඇති බවත්, ඉදිරියේදි තවත් අක්කර 100 ක් රැකියා විරහිත එම වතු යායේ තරුණයන්ට මිරිස් වගාව සඳහා ලබාදෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here