අලුතින් ආ OIC ට දේශපාලනඥයාගේ අකමැත්ත…ව⁣හාම ස්ථාන මාරැ කරයි

0
1049


කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතෙන් පත් කර එවු නිලධාරියෙකු ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුපක්ෂ දේශපාලඥයකු මැදිහත් වී ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වෙයි.
තම අනුදැනුමකින් තොරව එම නව නිලධාරියා පත්කර ඇතැයි අදාල දේශපාලඥයා උරණ වීමෙන් මෙම කටයුත්ත සිදු කර ඇත.
අදාළ නිලධාරියා යක්කල පොලීසියේ රාජකාරියේ නිරතව සිටි අයෙක් වන අතර කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට උසස් පොලිස් නිලධාරියකුගේ නිර්දේශ මත පත් කර තිබේ.
එම නිලධාරියා රථවාහන පාඨමාලාව සඳහා පාඨමාලාව හදාරා ඒ සඳහා නිපුණතාවයක් ඇති නිලධාරියෙකු බව ද සඳහන්ය.
දේශපාලනඥයා විසින් එම පත් කිරීම සඳහා සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම හේතුවෙන් නැවතත් ඔහු යක්කල පොලිසිය සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇත්තේ නව තනතුරේ වැඩ භාර ගෙන දින දෙකකට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here