27% කින් සියලුම ගුවන් යානා ටිකට් පත් ගාස්තු ඉහළ දමයි

0
287

ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා පවත්වන ලබන සියලුම ගුවන් සේවාවන් , සිය ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ගාස්තුව 03/11 දින අලුයම 12.01 සිට 27% කින් ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය .

මෙයට හේතු වී ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම මත මෙසේ ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මිල ඉහළ නැංවීමට එම සමාගම් තීරණය කර තිබේ .

මෙතෙක් ඇමරිකානු ඩොලරයක් , රුපියල් 203.66 ක මිළකට පැවති අතර , ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය මත ,රුපියල පාවීමට සැළස්වීමට ගනු ලැබූ තීරණය මත මේ වනවිට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 259.99 දක්වා ඉහළ ගොස් පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි.

ඒ අනුව මේ ආකාරයට මෙසේ සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here