Friday, May 17, 2024

ගෑස් මිලත් ඉහළ යන බවට ඉඟියක් !

රට තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“රුපියල් තුන්සිය ගාණට තිබුණු ගෑස් මෙට්‍රික් ටොන් එක අද රුපියල් 900 අභිබවා ගිහින් තියෙනවා. දශක 3කට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වෙලා.”

තවද පසුගිය කාල සීමාවේ සිදුවු ගෑස් ආශ්‍රීත අනතුරුවලින් පීඩාවට පත් ජනතාවගෙන් යම් පිරිසකට ලිට්‍රෝ ආයතනය විසින් වන්දි මුදල් ලබා ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පීඩාවට පත් සෙසු පිරිස සදහා වන වන්දි මුදල් ඉදිරියේදි කඩිනමින් ගෙවා අවසන් කරන බව ලිට්‍රෝ සමාගම දැනුම්දුන් බවයි.

“දැනට ගෑස් මිල වැඩිවෙලා තිබෙනවා වගේම.. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනේ. හංගන්න දෙයක් නෑ.”

මෙි අතර ණයවර ලිපි විවෘත කිරීමට අවසර ලබාදීමත් සමඟ අද (11) දිනයේ සිට ගෑස් ගොඩබෑම සහ වෙළඳපොළට බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.

අඛණ්ඩව සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (10) රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.

අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වීමත් සමග කෙරවලපිටිය පිහිටි ලිට්‍රෝ ගෑස් ගබඩා පර්යන්තයෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ වී ඇති බව එම සමාගම පවසයි.

මේ වන විට ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් අඩංගු නෞකා දෙකකින් ගෑස් ගොඩ බාමින් පවතින අතර දිනකට සිලින්ඩර 80,000 ක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ලිට්රෝ සමාගම සැළසුම් කර ඇත්තේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලේ ගෑස් හිඟයට පිළියම් ලැබෙනු ඇති බව ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles