Friday, May 3, 2024

ජීවිතය බේරා ගන්නා අන්දම ගැන යුක්රේනයේ සිටින ඉන්දියානුවන්‍ට උපදෙස් මාලාවක්.

යුක්රේනයේ සිටින ඉන්දීය ජාතිකයන් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් උපදේශන මාලාවක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ඕනෑම ආකාරයක අනතුරුදායක තත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් ඊට මුහුණ දීමට සූදානම් වන ලෙසයි.

කියෙව්හි ඉන්දියානු තානාපති කාර්යාලය යුක්රේනයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ඔවුන්ගේ තොරතුරු තානාපති කාර්යාල වෙත දන්වන ලෙස අවධාරණය කර තිබේ.

ගුවන් වැටලීම්, ඩ්‍රෝන ප්‍රහාර, මිසයිල ප්‍රහාර, කාලතුවක්කු ෂෙල් ප්‍රහාර, කුඩා ආයුධවලින් වෙඩි තැබීම්, ග්‍රෙනේඩ් පිපිරීම්, ගොඩනැගිලි කඩා වැටීම්,කඩා වැටෙන සුන්බුන්, අන්තර්ජාල තදබදය, විදුලිය,ආහාර,ජලය නොමැතිකම, මානසික කම්පනය,සංත්‍රාසය දැනීම, තුවාල,වෛද්‍ය ආධාර නොමැතිකම, ප්‍රවාහන පහසුකම් නොමැතිකම සහ සන්නද්ධ සටන්කාමීන්,හමුදා පිරිස් සමඟ මුහුණට මුහුණලා සිටීම වැනි ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදනම් වෙන්නැයි ද ඔවුන්ට අනතුරු අඟවා තිබේ.

ඇතැම් මූලික නීති පිළිබඳ දැනුවත් වෙමින් සෙසු ඉන්දියානුවන් සමඟ සම්බන්ධ වෙමින් තොරතුරු සම්පාදනය කර බෙදාගන්නා ලෙසත් කුඩා කණ්ඩායම් ලෙස නිරන්තර සම්බන්ධීකරණයෙන් කටයුතු කරන්නැයි ද ඉල්ලා ඇත.

සෑම පුද්ගලයෙකුම විදේශ ගමන් බලපත්‍රය, හැඳුනුම්පත, අත්‍යවශ්‍ය බෙහෙත්, ජීවිතාරක්ෂක ඖෂධ, විදුලි පන්දම්, ගිනි පෙට්ටි, ඉටිපන්දම්, මුදල්, පවර් බෑන්ක්, ජලය, ප්‍රථමාධාර කට්ටල, හිස් ආවරණ, අත්වැසුම්, උණුසුම් ජැකට්, උණුසුම් මේස් සහ සුවපහසු පාවහන් යුගලයක් සහිත හදිසි ගමන් මල්ලක් සූදානම් කර ගත යුතු බව ද එම මාර්ගෝපදේශ ඔස්සේ පෙන්වා දී තිබේ.

විශේෂයෙන් ආහාර සහ ජලය සංරක්ෂණය කර බෙදා ගන්නා ලෙසත් සම්පූර්ණ ආහාර ගැනීමෙන් වළකින්නැයි ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය යුක්රේනයේ සිටින ඉන්දීය ජාතිකයන්ගෙන් ඉල්ලීම් කර ඇත.

යුක්රේයේ ඉන්දියානුවන් විසිදහසක් පමණ සිටි බව පැවසෙන අතර ඉන් දස දහසක් පමණ මේ වන විට මුදාගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles