Friday, April 26, 2024

තායිලන්ත ආගමන නිලධාරීන් 27 දෙනෙකුට චීන අපරාධ කල්ලි සමාජිකයන්ට උදව් කළ බවට චෝදනා

අවම වශයෙන් ආගමන නිලධාරීන් 27 දෙනෙකු චීන ට්‍රයඩ් අපරාධ කල්ලි සාමාජිකයින්ට නීති විරෝධී ලෙස තායිලන්තයේ රැඳී සිටීමට උදව් කර ඇති බව තායිලන්ත නියෝජ්‍ය ජාතික පොලිස් ප්‍රධානියා පවසා තිබේ.

ට්‍රයඩ් යනු චීනය පදනම් වූ චීන අන්තර් ජාතික සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකි.

තායිලන්ත නියෝජ්‍ය ජාතික පොලිස් ප්‍රධානියා පවසන්නේ පසුගිය සති 2 තුළ ආගමන නිලධාරීන් 27 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත් බවත් ප්‍රශ්න කිරීම් වලදී සුදුසුකම් ලත් ලේඛන නොමැතිව වීසා බලපත්‍ර නීති විරෝධී ලෙස ලබා දී ඇති බවත් හෙළිදරව් වී ඇති බවයි.

ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ආරම්භ වී ඇති බවත්, විමර්ශනය අතරතුර තවත් අය සොයා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් එම නිලධාරියා පවසා ඇත.

මේ සඳහා තවත් ආගමන විගමන නිලධාරීන් සම්බන්ධ බවට තමන් විශ්වාස කරන බව ද එම පොලිස් ප්‍රධානියා පවසා ඇත.

සම්බාහන මධ්‍යස්ථාන අධිපතියකු සහ දේශපාලනඥයෙකු වන චුවිට් කමොල්විසිට්ගේ පැමිණිල්ලකට අනුව තායිලන්තයේ ක්‍රියාත්මක වන චීන ට්‍රයඩ් පිළිබඳ රටපුරා විමර්ශනය පසුගිය මාසයේ සිට ක්‍රියාත්මක වේ.

විමර්ශනයේ කොටසක් ලෙස, චීන ට්‍රයඩ් ප්‍රධානියා යැයි කියන චයිනාත් කෝර්න්චයානන්ට් හෙවත් “තුහාඕ” ඇතුළු පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ වන විට විමර්ශනය මගින් බැංකොක්, චොන්බුරි, චියැං මායි, චයියාෆුම්, නකොන් රට්චසිමා සහ උදොන් තානි ඇතුළු අවම වශයෙන් පළාත් 18 කවත් මෙම චීන ට්‍රයඩ් ක්‍රියාත්මක වන බවට සාක්ෂි හෙළි කර ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles