පාකිස්තානයේ ගෑස් කාන්දුවකින් හයදෙනෙකු මියයයි.

0
460
A palm

පාකිස්තානයේ කයිබර්පක්තුන්කවා ප්‍රාන්තයේ හන්ගු ප්‍රාදේශයේ නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයන් හයදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියගිය පිරිස අතරින් තිදෙනෙකු කුඩා දරුවන් බවයි.

නිවස උණුසුම් කිරීමට යොදාගත් හීටරයක හටගත් ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පැවසේ.

කෑස් කාන්දුව සිදුවන විට නිවසේ සිටි සියලු පුද්ගලයන් නිදා සිට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් කිසිවෙකුත් බේරාගැනීමට අවස්ථාවක් නොලැබුණු බවත් ප්‍රාදේශීය බලධාරීන් සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here